රජය IMF ගිවිසුම වෙනස් කර ගත යුතුයි
දැන්වත් රජය IMF ගිවිසුම වෙනස් කර ගත යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ඊයේ (21) අරණායක රිවි සඳ විද්‍යාලයට ජල පොම්පයක් ලබාදීමට පැමිණි අවස්ථාවේදී.
එහිදී ව්පක්ෂ නායකවරයා මෙසේද පැසූවා.
සුළි කුණාටුවට පෙර සිටම පැවැති තත්ත්වය තුළ 2028 විදේශ ණය ගෙවීම අසීරුයි. IMF එක කිව්වේ 2033 සිට ණය ගෙවන්න. 2028 සිට ණය ගෙවන්න එවක රජය පොරොන්දු වූ නිසා වත්මන් රජය මේ ගිවිසුම දැන්වත් වෙනස් කර නැවත රට ගොඩනැඟෙන තෙක් ණය විරාමයක් අවශ්‍ය නිසා ගිවිසුම වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතුයි.
නායයෑම් අවදානම් ඇති කඳුකර ප්‍රදේශවල භූවිද්‍යා පර්යේෂණ පැවැත්වීම වැදගත්. මේ පර්යේෂණ කඩිනම් කර පදිංචියට සුදුසු ද නැද්ද කියා තීන්දුවක් දිය යුතුයි. පදිංචිය ගැන තහවුරු කරනවා සේම ඉඩම නිවාස මෙන්ම ජීවනෝපාය ගැනත් යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතුයි. පක්ෂ භේද නැතිව ජනතාවගේ ගැටලු විසඳන්න කැපවිය යුතුයි. විපතට පත් ජනතාවට කඩිනම් සහන ලබාදීමට අප කැපවිය යුතුයි. විපක්ෂ නායකවරයා ලෙස මම ජනතාව වෙනුවෙන් කරන සේවා හාස්‍යයට ලක් කළත් ඒ ගැන තැකීමකින් තොරව ජනතාව වෙනුවෙන් සේවය ඉටු කරනවා. ඇත්ත කතා කරන විට ඒවා උපහාසයට ලක් කළත් කවුරු විහිළු කළත් රටේ ජනතාවට උදව් කරන ලෙස ඉල්ලා සිටිනවා.

