සාමාන්‍ය පෙළ සිසුන්ට පෙරහුරු විභාගයක්
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2025 විභාගයට මුහුණ දෙන සිසුන්ට විශේෂ පෙරහුරු විභාගයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
දිවයින පුරා ඇති වු ආපදාවන්වලට මුහුණ දුන් සිසුන්ට පෙර සුදානමක් ලෙස එය පැවැත්වෙන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසුවා.
ඒ් අනුව ජනවාරි මුල් සතියේ සිට එම විශේෂ පෙර පුහුණු විභාගය පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පවසනවා.

