free web stats

මෙක්සිකෝවට අයත් ගුවන්යානයක් කඩාවැටෙයි

මෙක්සිකෝවට අයත් වෛද්‍ය සේවා ගුවන් යානයක් අමෙරිකාවේ ටෙක්සාස් හි ගැල්වෙස්ටන්ස් බොක්ක ආසන්නයේදී කඩා වැටී තිබෙනවා.

අනතුරට ලක්වන විට යානයේ මගීන් 8 දෙනෙක් සිට තිබූ අතර ඔවුන්ගෙන් සිවු දෙනෙක් සිවිල් වැසියන් වූ අතර අනෙක් සිවු දෙනා මෙක්සිකෝ නාවික හමුදාවේ සාමාජිකයන්වේ.

අනතුරෙන් පස්දෙනෙක් මියගොස් ඇති අතර ඒ අතරට දෙහැවිරිදි දැරියක් ද අයත් වුණා.

යානයේ සිටි දෙදෙනෙක් නිරුපද්‍රිතව මුදාගෙන ඇති අතර, අනෙක් පුද්ගලයා සොයා මෙහෙයුමක් ද ක්‍රියාත්මකයි.

පිලිස්සුම් තුවාල ලැබූවන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ කඳවුරකට එක්වීමට එම යානය ගමන් කරමින් පැවති බවට මෙක්සිකානු නාවික හමුදාව ද තහවුරු කළා.

කලාපයේ පැවති ඝන මීදුම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවටයි බලධාරීන් සැක පළකරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *