free web stats

අක්‍රීය වූ සුනාමි කුළුණු යළි සක්‍රීය කිරීම ඇරඹේ

දැනට අක්‍රීය වි ඇති සුනාමි අනතුරු ඇඟවීමේ කුළුණු යළි සක්‍රීය කිරීමට වැඩපිළිවෙලක් ආරම්භ කළ බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ සඳහා ඉන්දියාවේද සහය ලබා ගන්නා බව එහි අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ සඳහන් කළා.

2004 වසරේ ඇතිවූ සුනාමි ව්‍යසනයෙන් පසු සුනාමි අවස්ථාවකදී ජනතාවට ඒ පිළිබඳ දැනුවත් කිරීම සඳහා දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආශ්‍රිතව කුළුණු 77ක් පිහිටවනු ලැබුවා.

එහෙත් එම සියලු කුළුණු මේ වනවිට පවතින්නේ අක්‍රීය තත්ත්වයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *