මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ සෝදිසි මෙහෙයුමක්
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝමබ බියක් හේතුවෙන් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවා අදාළ සෝදිසි මෙහෙයුම සිදුකරන බව අප වාර්තාකරු පැවසූවා.
ඊ-මේල් පණිවුඩයක් මාර්ගයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝම්බයක් ඇති බවට නිර්ණාමික පණිවුඩයක් ලැබී ඇති බව සඳහන්වේ.

