දික්වැල්ල හා මැතිව්ස් බීපීඑල් තරගාවලියෙන් ඉවතට
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ එළඹෙන 12 වැනි වාරය ආරම්භවීමට පෙර චිතගොං රෝයල්ස් කණ්ඩායමට ක්‍රීඩා කිරීමට නියමිතව සිටි නිරෝෂන් දික්වැල්ල හා සිල්හෙට් කණ්ඩායමේ සිටි ඇන්ජලෝ මැතිව්ස් එම තරගාවලියෙන් ඉවත්ව ගියා.
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් නව වාරය අද සිල්හෙට් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන අතර, දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විරෝධතා නොමැති සහතිකයක් (NOC) ලබාදී නැති අතර, මැතිව්ස් පෞද්ගලික හේතූන් මත තරගාවලියෙන් ඉවත් වී තිබෙනවා.
මෙයට අමතරව චිතගොං රෝයල්ස් පිලට එක්ව සිටි අයර්ලන්තයේ පෝල් ස්ටර්ලින් හා පාකිස්තාන දඟ පන්දු යවන ක්‍රීඩක අබ්රාර් අහමඩ්ගේ සහභාගිත්වය ද අවිනිශ්චිතතාවක පවතින හෙයින් කණ්ඩායම තුළ විදේශීය ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ අර්බුදයක් නිර්මාණය වී ඇත.
කෙටි කලක් තුළ ආදේශක ක්‍රීඩකයන් සොයා ගැනීම දැන් ඔවුන්ට ඇති ලොකුම අභියෝගය බව සඳහන් වේ. සිල්හෙට් කණ්ඩායමේ අමෙරිකානු පිතිකරු ආරොන් ජෝන්ස් ද විරෝධතා නොමැති සහතිකයක් නැති හෙයින් තරගාවලියෙන් ඉවත් කරන බව දැනුම්දී ඇත.

