free web stats

බූස්ස අධ් ආරක්ෂිත බන්ධනාගාරයෙන් මතුවූ ජංගම දුරකථන

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය තුළ සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී ජංගම දුරකතන 133ක් ඇතුළු ද්‍රව්‍ය සොයා ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට දෙසැම්බර් මස 26 වැනිදා දක්වා කාලය තුළ බූස්ස බන්ධනාගාරය තුළ සිදු කළ වැටලීම් 72කදී මෙම ජංගම දුරකතන ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකා බූස්ස හා ගාල්ල කඳවුරේ නිලධාරින් එක්ව බන්ධනාගාර හදීසි ප්‍රතිචාර හා උපක්‍රමික ඒකකයේ නිලධාරීන් විසින් මෙම මෙහෙයුම් සිදුකර ඇත.

එහිදී ජංගම දුරකතන 133ක්, සිම් කාඩ්පත් 159ක්, දුරකතන චාජර් 110ක්, ඩේටා කේබල් 122ක්, මෙමරි චිප් 02ක්, ජංගම දුරකතන බැටරි 12ක්, හෑන්ඩ් ෆ්‍රී 56ක්, දුම්වැටි කොටස් 12ක්, පිහි 03ක්, හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 850ක් සහ දුම්කොල ග්‍රෑම් 40යි මිලිග්‍රෑම් 12ක් සොයා ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *