පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවයක්
ශ්රී ලංකාවට නැගෙනහිර දෙසින් පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වෙමින් පවතින බැවින් ඉදිරි දිනවලදී දිවයිනේ උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ නැගෙනහිර, මධ්යම, උතුරු-මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්රික්කයේත් විටින් විට වැසි ඇති හැකි බවයි.
එමෙන්ම නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ පොලොන්නරුව දිස්ත්රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව ද සඳහන් වේ.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.
සෙසු ප්රදේශවල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිට්නවා.

