free web stats

2026 වසරේ දී “මුල ඉඳන් හරියට පටන්ගමු”

2026 වසරේ දී “මුල ඉඳන් හරියට පටන්ගමු” කියන සංකල්පය පෙර දැරිව මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රය තුළ හෞතික, ප්‍රතිපත්තිමය සහ ආචාරධර්මීය සංවර්ධනයක් ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

අමාත්‍යතුමිය මේ බව පැවැසූවේ ඊයේ (01) 2026 නව වසර පිළිගැනීම සහ නව වසරේ රාජකාරි ආරම්භය සනිටුහන් කරමින් අමාත්‍යාංශයේ පිහිටි උත්සවයට සහභාගී වෙමින්.

රජයක් ලෙස රට තුළ නිසි මූල්‍ය විනයක් පවත්වාගෙන යමින්, නිශ්පාදන සහ ආයෝජන අවස්ථා උදාකරගනිමින් ශ්‍රී ලංකාව ආර්ථික සංවර්ධන දර්ශක තුළ ඉහළට යන විට ඒහා සමගාමීව සමාජයීය සංවර්ධන දර්ශක තුළත් ශ්‍රී ලංකාව ඉහළ තලයට රැගෙන ඒමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය කටයුතු කරන බවද අමාත්‍යවරිය විසින් මෙහිදී ප්‍රකාශ කළා.

මෙම අවස්ථාවට කාන්තා සහ ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, අමාත්‍යාංශ ලේකම් තරංගනී වික්‍රමසිංහ, අතිරේක ලේකම්වරුන්, සියලුම ආයතන හා අංශ ප්‍රධානීන් ප්‍රමුඛ අමාත්‍යාංශ කාර්යය මණ්ඩලය එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *