සතොස හිටපු ප්‍රවාහන කළමනාකරු අත්අඩංගුවට
සතොසට හිටපු ප්‍රවාහන කළමනාකරු ඉන්දික රත්නමලල මහතා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු විසින් එම ආයතනයේ ලොරි රථයක් අවභාවිත කිරීමේ සිද්ධියට අදාළවයි.
ඒ අනුව රාජ්‍ය දේපළ සාවද්‍ය පරිහරණයට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඒ මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

