free web stats

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද සිට ඇරඹේ

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් කල් දැමුණු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් අද (12) දින සිට පැවැත්වීමට නියමිතයි.

විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළේ අද දිනයේ සිට ලබන 20 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බවයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,086 කදී විභාගය පැවැත්විමට නියමිත අතර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 325ක් සහ ප්‍රාදේශීය මධ්‍යස්ථාන 32ක් පිහිටුවා ඇත.

ආපදා තත්ත්වය හේතුවෙන් ජාතික හැදුනුම්පත්, රියදුරු බලපත්‍ර, විදේශ ගමන් බලපත්‍ර වැනි අනන්‍යතා පත්‍ර අස්ථාන ගතවී ඇත්නම් තාවකාලික අනන්‍යතා පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් විභාගයට පෙනී සිටීමට විභාග අපේක්ෂකයින්ට අවස්ථාව සලසා ඇති බව සඳහන් වේ.

පෙර කාලසටහනේ පැවති විභාග කටයුතු සිදුකරන වේලාවන් සංශෝධිත කාලසටහන තුල ද නොවෙනස්ව පවතින අතර විභාගය ආරම්භ වීමට මිනිත්තු 30කට පෙර අපේක්ෂකයින් විභාග මධ්‍යස්ථානය වෙත පැමිණිය යුතු බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *