free web stats

චීන විදේශ ඇමැති අද ලංකාවට

ශ්‍රී ලංකා – චීන මිතු­දම තව­දු­ර­ටත් ශක්ති­මත් කර­මින් සංචා­ර­යක් සඳහා චීන විදේශ කට­යුතු ඇමැති වැන්ග් යී මහතා අද (12) ශ්‍රී ලංකා­වට පැමි­ණී­මට නිය­මි­තව තිබෙනවා.

ඒ මහතා මෙරට රැඳී සිටින කාලයේ දී විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා හමු­වී­මට නිය­මි­තව තිබෙන අතර, එහිදී දෙර­ටට වැද­ගත් වන කරුණු රැසක් සම්බ­න්ධ­යෙන් ද්වි-පාර්ශ්වික සාක­ච්ඡාව පැවැ­ත්වී­මට නිය­මිත බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සනවා.

කොළඹ වරාය නගර ව්‍යාපෘ­තිය ඇතු­ළුව ශ්‍රී ලංකාවේ චීන ව්‍යාපෘති කඩි­නම් කිරීම මෙන්ම නව චීන ආයෝ­ජන කෙරෙහි සාක­ච්ඡා­ව­ලදී අව­ධා­නය යොමු කරනු ඇත.

චීන සංචා­ර­ක­යන් වැඩි පිරි­සක් මෙර­ටට පැමි­ණී­මට දිරි­ගැ­න්වීම සහ ශ්‍රී ලංකා­වට අම­තර ගුවන් ගමන් පහ­සු­කම් සැල­සී­මට ශ්‍රී ලංකා පාර්ශ්වය චීනයේ සහාය ඉල්ලී­මට ද නිය­මි­තව තිබේ.

වැන්ග් මහ­තාගේ සංචා­රය සිදු වන්නේ ඉන්දි­යාවේ අග­මැති නරේන්ද්‍ර මෝදි මහ­තාගේ විශේෂ නියෝ­ජි­ත­යකු ලෙස එරට විදේශ කට­යුතු ඇමැති එස්. ජයි­ශං­කර් මහතා මෙර­ටට පැමිණ ශ්‍රී ලංකා නාය­ක­යන් හමුවී මාස­ය­ක­ටත් අඩු කාල­ය­කින් වන අතර, චීන විදේශ ඇමැ­ති­ව­රයා ශ්‍රී ලංකාවේ නතර වන්නේ ඉති­යෝ­පි­යාව, සෝමා­ලි­යාව, ටැන්සා­නි­යාව සහ ලෙසෝතෝ ඇතුළු රට­වල් හත­රක අප්‍රි­කානු සංචා­ර­ය­කින් පසුව බව ද විදේශ අමා­ත්‍යාං­ශය පවසයි.

මේ සංචා­රය උපා­ය­මා­ර්ගික හවු­ල්ක­රු­වන් සමඟ අන්‍යෝන්‍ය විශ්වා­සය ගැඹුරු කිරීමේ උත්සා­හ­යක් ලෙස විචා­ර­කයෝ පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *