free web stats

විමල්ගේ වරෙන්තුව ආපසු කැඳවයි -Update

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අධිකරණයට භාරවීමෙන් පසුව එම වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ මහාධිකරණය නියම කර තිබෙනවා.

රුපියල් මිලියන 75 කට අධික වත්කම් අයතා ලෙස උපයා ගත් බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුවක් අද (14) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේදී විත්තිකරු අධිකරණයේ පෙනී සිටියේ නැත.

ඒ අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා වරෙන්තු නිකුත් කර තිබුණා.

ඉන් පසුව විමල් විරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ අතර ඉන් අනතුරුව වරෙන්තු ආපසු කැඳවීමට නියම කර තිබේ.

විමල් වීරවංශට වරෙන්තු

නීතිවිරෝධී ලෙස රුපියල් මිලියන 75කට අධික වත්කම් උපයා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් එහි විත්තිකරු ලෙස නම් කර තිබු හිටපු ඇමති විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත.

විත්තිකරුගේ ඇපකරුවන්ට මීළඟ දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *