free web stats

මහින්දානන්ද, දුමින්ද සිල්වා ඇතුළු පිරිස රඳවා සිටින බන්ධනාගාරයෙන් හමුවෙච්ච දේ

හිටපු අමාත්‍යවරුන් පිරිසක් රඳවා සිටින වැලිකඩ බන්ධනාගාර වාට්ටුවක තිබී ජංගම දුරකථන ඇතුළු උපාංග තොගයක් සොයා ගෙන තිබේ.
ඒ , සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී.

එම වාට්ටුවේ මේ වන විට හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ , නලීන් ප්‍රනාන්දු , එස්.එම් රංජිත් සහ දුමින්ද සිල්වා යන අය රඳවා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ස්මාර්ට් ජංගම දුරකථන , දුරකථන චාඡර් , ජංගම දුරකථන ඇතුළු උපාංග මෙහෙයුමේදී සොයා ගත් භාණ්ඩ අතරට ඇතුළත් වේ.

ජංගම දුරකථන පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන ක්‍රියාත්මක බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *