හරිනි අගමැතිනිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති අතර හමුවක්
ස්විට්සර්ලන්තයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති මසටෝ කන්ඩා හමුවී තිබෙනවා.
සිය Facebook ගිණුමේ සටහනක් තබමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ , ලෝක ආර්ථික සංසදය පවත්වන ස්විට්සර්ලන්තයේ කොංග්රස් මධ්‍යස්ථානයේදී එම හමුව සිදුවූ බවයි.
අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය එම සංචාරයේදි 56 වන ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සමුළුවට සහභාගි වීමට නියම්තයි.
ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් හි දි ලබන 23 වනදා දක්වා එය පැවැත්වෙනු ඇත.

