free web stats

අලුත් දේශපාලන පක්ෂ 5කට අනුමැතිය

නව දේශපාලන පක්ෂ 5ක් ලියාපදිංචි කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.

සමාජවාදී ජනතා පෙරමුණ, ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, මලෙයිග අරසියල් අරංගම්, සමත්තුව කඩ්චි, විප්ලවාදී ජනතා බලය යන පක්ෂ සඳහා අදාළ අනුමැතිය ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළා.

පසුගිය වර්ෂය සඳහා නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණවලින් අනතුරුව මෙම දේශපාලන පක්ෂ 5 ලියාපදිංචි කිරීම සඳහා අනුමැතිය ලබා දී තිබේ.

2025 වර්ෂයේ දී දේශපාලන පක්ෂ 83ක් ලියාපදිංචිය සඳහා ඉල්ලුම් පත් යොමුකර තිබු අතර ඉන් දේශපාලන පක්ෂ 47ක් මුලික සම්මුඛ පරීක්ෂණ සඳහා තෝරාගනු ලැබීය.

අවසන් සම්මුඛ සාකච්ඡාවලින් අනතුරුව එම පක්ෂවලින් ද පක්ෂ 5කට මෙලෙස ලියාපදිංචිය සඳහා අවසර ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මේ වන විට මෙරට ලියාපදිංචි පක්ෂ සංඛ්‍යාව 85ක් බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *