free web stats

වැලිසරට නව බන්ධනාගාරයක්

බන්ධනාගාර තදබදය අවම කිරීම සඳහා වැලිසර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් පිහිටුවීමට පියවර ගනිමින් සිටින බව අධිකරණ අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශය ප්‍රකාශ කළේ, එම බන්ධනාගාරය මේ වන විට ගැසට් කර ඇති බවයි.

බන්ධනාගාරවල නව ගොඩනැගිලි ඉදිකර රැඳවියන් ඒ වෙත කඩිනමින් යොමුකිරීම සඳහාද අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින අතර අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කළේ, රාජ්‍ය ආයතන කිහිපයක ගොඩනැගිලි තෝරාගෙන ඒවා තාවකාලික බන්ධනාගාර ලෙස සකස් කිරීමද ආරම්භ කර ඇති බවයි.

මේ වනවිට මෙරට බන්ධානාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව 39000 කට අධිකවේ.

එහෙත්, බන්ධනාගාරවල රැඳවිය හැකි සංඛ්‍යාව 11000 ක් පමණක් බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *