ආණ්ඩුවට එක ප්‍රතිපත්තියක් නෑ
ආණ්ඩුවට එක ප්‍රතිපත්තියක් නෑ. ආණ්ඩුවේ 159 දෙනාට තිබෙන්නේ ප්‍රතිපත්ති 159ක් යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ බත්තරමුල්ල, නෙළුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී.
මෙහිදී වැඩිදුරටත් පැවසූවේ,
“ලෙනින්ගේ ප්‍රතිපත්ති හඹා යනවා කියා ඔහුගේ ප්‍රතිපත්ති විශ්වාස කරනවා කියා කටයුතු කරන ඇතැම් දේශපාලනඥයන්ගේ කියවීම ලෙනින්ට වඩා වෙනස්. මොකද ඒ අය විශ්වාස කරන්නේ මර්දනය තර්ජනය සහ බය කර තමන්ගේ දේශපාලන ගමන අරගෙන යන්න. මම හිතන්නේ ලාල්කාන්ත කීවා බෲස්ලී වගේ පහර දෙනවා කියලා. මේ යන විදිහට නම් කොහොමත් බෲස් ලී කෙසේ වෙතත් ගමේ ඉන්න කරාටේ මාස්ටර් කෙනෙක් අරගෙන පුහුණු වුණොත් හොඳයි කියා නම් හිතනවා.
ලෙනින් ගාවට ගියත් බෲස්ලි ගාවට ගියත් ජනාධිපතිවරයා ගාවට ගියත් මේ හැමෝම තේරුම් ගන්න ඕනෑ අවසානයේදී ජනතාව ඉස්සරහට එන්න ඕනෑ. තමන්ගේ අභ්‍යන්තරයේ ප්‍රශ්න ඇති. ඒවා අපට අදාළ නෑ. ජනතා කටයුතුවලදී ජනතාව අපහසුතාවට පත් කරන්න කටයුතු කරන්න එපා. විජේවීර පටන් ගත් දේශපාලන න්යායපත්ර ඇතුළේ ඇත්තටම පීඩිත පන්තිය වෙනුවෙන් පෙනී හිටපු සමහර අය අද අසරණ වී පක්ෂය ඇතුළේ බලාගෙන ඉන්නවා. ඒ අයට දැන් ඇත්තටම හිතෙනවා ඇත්තම ජේවීපී එක කොතැනද තියෙන්නේ කියලා”.

