free web stats

ශිරන්ති අද FCID එන්න බෑ කියන හේතුව – Update

පෞද්ගලික හේතූන් මත තමාට අද (27) දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුම් දී තිබෙනවා.

නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දීම සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

ශිරන්ති රාජපක්ෂ අද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ, ශිරන්ති රාජපක්ෂව විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද දින (27) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැඳවීමට නියමිතයි.

මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරය දැරූ සමයේ ‘සිරිලිය’ නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන ක්‍රියාවලියට අදාළව මෙම ප්‍රකාශය ලබා ගැනීමට නියමිතව තිබෙනවා.

යහපාලන ආණ්ඩුව සමයේ එවක පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *