free web stats

හෙරොයින් එක්ක පොලිස් කාන්තාවක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ චෝදනාව මත බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් කොස්තාපල්වරියක් බදුල්ල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අඹගස්දෝව පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී ඊයේ (26) පස්වරුවේ මෙම පොලිස් කොස්තාපල්වරිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 200ක් පොලිසිය විසින් සොයාගෙන තිබේ.

අදාළ පොලිස් කොස්තාපල්වරිය මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීම සඳහා ළඟ තබාගත්තේ ද යන්න සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය පවසනවා.

අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *