free web stats

දකුණු පිලි­පීන මුහු­දේදී මගී යාත්‍රා­වක් පෙරළී 18ක් මරුට

දකුණු පිලි­පී­නයේ මුහුදු සීමා­වේදී මගී යාත්‍රා­වක් පෙර­ළී­මෙන් 18 දෙනකු ජීවි­ත­ක්ෂ­යට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ට්‍රිෂා කර්ස්ටින් නමැති භාණ්ඩ හා මගී ප්‍රවා­හන යාත්‍රාව පිලි­පී­නයේ දකුණු දෙසින් පිහිටි බලුක් බලුක් දූපත අස­ලදී ඊයේ අලු­යම 2.00 පමණ මේ අන­තු­රට ලක්වී ඇති අතර, ඒ වන­විට කාර්ය මණ්ඩ­ලයේ සාමා­ජි­ක­යන් 27ක් සහ මගීන් 332 දෙනකු යාත්‍රාවේ සිටි බවට තොර­තුරු ලැබී ඇතැයි පිලි­පීන වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ප්‍රකාශ කර තිබෙනවා.

අන­තු­රට පත්වූ යාත්‍රාවේ සිටි 317 දෙනකු මුදා ගෙන ඇති අතර, තවත් 24 දෙනකු අතු­රු­දන් වී ඇතැයි වාර්තා වේ.

පුද්ග­ල­යන් 350කට ප්‍රමා­ණ­වත් එම යාත්‍රාවේ ධාරි­තාව ඉක්මවා 359 දෙනකු ගමන් කිරිම යාත්‍රාව පෙර­ළී­මට හේතු­ව­න්නට ඇතැයි අනු­මාන කරන බව නිවේ­ද­න­යක් නිකුත් කර­මින් වෙර­ළා­ර­ක්ෂක බළ­කාය වැඩි­දු­ර­ටත් සඳ­හන් කර ඇත.

කෙසේ වුවත් අන­තු­රට හේතුව සොයා ගැනී­මට පරි­ක්ෂ­ණ­යක් පව­ත්වන බව පිලි­පීන රජය ප්‍රකාශ කර තිබෙනවා.

අතු­රු­ද­න්වූ­වන් සොයා ඊයේ පස්ව­රුව වන­වි­ටත් පිලි­පීන ආර­ක්ෂක අංශ සහ වෙර­ළා­ර­ක්ෂක බළ­කාය ඒකා­බ­ද්ධව එම මුහුදු සිමාවේ දැවැන්ත මෙහෙ­යු­මක් සිදු කර­මින් සිටි බව වාර්තා වෙනවා.

මෙහෙ­යුම සඳහා එරට ගුවන් හමු­දාවේ හෙලි­කො­ප්ටර් යානා 2ක් ද යොදා ඇතැයි වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *