GMOA අවසන් තීරණය අද මධ්‍යම කාරක සභාවෙන් පසු
තම ගැටලු සඳහා විසඳුම් ලබාදීමට ආණ්ඩුව කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තවදුරටත් තීව්ර කිරීමට අදාළ තීරණය අද (28) දින ප්‍රකාශයට පත් කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ, අද දිනයේ පැවැත්වීමට නියමිත මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව ඉදිරි වෘත්තීය සමිති ක්‍රියාමාර්ග පිළිබඳව තීරණය කර මහජනතාව දැනුවත් කරන බවයි.
පසුගිය සදුදා උදෑසන සිට එම සංගමය විසින් බාහිර රෝගී ප්‍රතිකාර ඒකක තුල නොමැති ඖෂධ පිටත ඔසුසැල්වලින් මිලදී ගැනීමට තුන්ඩු නිකුත් නොකිරීම ඇතුළු කරුණු 05ක් ඔස්සේ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

