free web stats

කොංගෝවේ පතලක් කඩා වැටේ

නැගෙනහිර කොංගෝවේ පතලක් කඩාවැටී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් පුද්ගයින් 200කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.

මෙම ප්‍රදේශය කැරලිකරුවන් විසින් පාලනය කරන ප්‍රදේශයක් වන අතර, ඔවුන් විසින් පත් කරන ලද ආණ්ඩුකාරවරයාගේ ප්‍රකාශක මේ බව තහවුරු කර ඇත.

කොල්ටන් ඛනිජ සපයන ප්‍රධානම පතලක් ලෙසින් සැලකෙනෙ රුබායා පතලේ මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.

ලොවට කොල්ටන් ඛනිජ අවශ්‍යතාවෙන් 15% ක් පමණ නිෂ්පාදනය කරන්නේ මෙම රුබායා පතලෙන් බව සඳහන් වේ.

මෙම පතල 2024 සිට AFC/M23 නම් කැරලිකාර කණ්ඩායමේ පාලනය යටතේ පවතිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *