free web stats

දුරකථනයක් නිසා පියා විසින් තම දියණිය ඝාතනය කරලා

දුරකථනයක් සම්බන්ධයෙන් ඊයේ (30) රාත්‍රියේ ඇතිවූ ආරවුලක් දුරදිග යාමකින් පියා විසින් සිය දියණිය තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ වයස අවුරුදු 14ක් වූ දැල්කඩ, ඌරගස්මංහන්දිය ප්‍රදේශයේ පදිංචිකාරියක්වේ.

මියගිය දැරිය හා පියා අතර ඇතිවූ මෙම ආරවුලේ දී පියා විසින් කැත්තකින් පහරදී තම ඝාතනය සිදුකර ඇති බව මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත.

තුවාල ලැබූ දියණිය ඇල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

සැකකාර පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, දැරියගේ මෘත ශරීරය ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *