ශමීර නාඔටුන්නගේ “වයිෆ්” එන දවස ලගයි
දක්ෂ සිනමා අධ්‍යක්ෂක වරයෙකු වන ශමීර නාඔටුන්න ව්සින් නිර්මාණ අධ්‍යක්ෂනය කරම්න් වරුණ අරඹගේ ලබාදුන් නිශ්පාදන දායකත්වයෙන් සිනමා ලෝලින් වෙත ලගදීම එන නවතම සිනමාපටය “වයිෆ්” පෙබරවාරි 13 වෙනිදා සිට දිවයින පුරා සිනමාහල් තුළදී සාර්ථකව ප්‍රදර්ශන කටයුතු ආරම්භ කිරීමට සූදානම් කර තිබෙනවා.
සිනමාවේ වර්තමානයේ සිට්න දැවැන්ත චරිතාංග රංග වේදීයෙකු වන හේමාල් රණසිංහ හා උදාරී වර්ණකුලසූරිය “මාධව”හා “නිර්මලා” යන චරිත තුළින් ප්‍රධාන භූම්කාවක නියැළී “වයිෆ්” සිනමාපටයේ රංගන දායකත්වය ලබාදෙනු ලබනවා.
එමෙන්ම වීනා ජයකොඩ්,ලක්ෂ්මන් මෙන්ඩ්ස්,ප්‍රියන්ත සෙනෙවිරත්න,පියුම් බොතේජු,රෙබේකා දිල්රුක්ෂි,දිනිති වල්ගමගේ,දිනෙත් ද සිල්වා, රුක්ෂානා දිසානායක,නෙතලි නානායක්කාර,මල්කාන්ති ජයසිංහ,ඇන්ටන් කුරේ,ගයාන් මාපලගම,ජයනි වීරසිංහ,රංග සම්පත්,නිශාන්ත ප්‍රියදර්ශන,චේතනා ශම්ල්කා,ගෙව්න් ලූඩවයි,ප්‍රියන්ත ලලිත්,බෙනට් රත්නායක,හිරුණි රණසිංහ,සුලනි ගුරුගේ යන ලංකාවේ සිට්න දක්ෂ රංගන ශිල්පින් ශිල්පිනීයන් රැසක් “වයිෆ්” සිනමාපටයට රංගන දායකත්වය ලබාදී තිබ්මද මෙම සිනමාපටයේ සාර්ථකත්වයට ව්ශාල රුකුලක් වී තිබෙනවා.
“මෝටර් බයිසිකල්” හා “සිහින නෙළුම් මල්” සිනමා තිරයට රැගෙන ආ ශමීර නාඔටුන්නගේ තෙවැනි සිනමා නිර්මාණය වන “වයිෆ්” සදහා නිශ්පාදන දායකත්වය ලබා දුන්නේ “සිහින නෙළුම් මල්”සිනමාපටයේ නිශ්පාදකවරයා වන වරුණ අරඹගේ ව්සිනි.මෙම නිර්මාණය ඔහුගේ දෙවැනි සිනමා නිශ්පාදනයද වේ.
පෙබරවාරි 13 වෙනිදා සිට “වයිෆ්” පවුලේ සැමට ලගම සිනමා හලෙන් නැරඹීමට අවස්ථාව උදාවෙනවා.

