free web stats

මෝදර මහල් නිවාස අනතුරෙන් තුවාල ලැබූ දරුවා ජීවිතක්ෂයට

මෝදර ‘හෙළමුතු සෙවන’ මහල් නිවාස සංකීර්ණයේ 7 වැනි මහලෙන් සිමෙන්ති බදාම කොටසක් කඩා වැටීමෙන් බරපතළ තුවාල ලබා සිටි 7 හැවිරිදි දරුවා මියගොස් තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

දරුවා සිය මිත්තණිය සමඟ නිවාස සංකීර්ණය ආසන්නයේ වෙළෙඳසැලක් අසල සිටියදී, බදාම කොටස් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *