free web stats

T20 ලෝක කුසලානය වෙනුවෙන් ආරක්ෂාව දැඩ් කෙරේ

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා පැමිණෙන දේශීය හා විදේශීය ජනතාවගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 1500ක් සහ රථවාහන නිලධාරීන් 600ක ප්‍රමාණයක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.

එමෙන්ම පහත කරුණු කෙරෙහිද අවධානය යොමු කරන ලෙස ඔවුන් මහජනතාවට දැනුම්දී සිට්යි.

ඒ අනුව ප්‍රේක්ෂකයින් ක්‍රීඩා භූමිය තුළට විශාල ප්‍රමාණයේ ගමන්මළු, වීදුරු බෝතල්, ඩ්‍රෝන උපකරණ, කුඩා මුවහත් පිහි, මත්ද්‍රව්‍ය හා මත්පැන් ක්‍රීඩා භූමියට රැගෙන පැමිණීම තහනම් කර තිබේ.

එමෙන්ම මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීන් මෙන්ම බුද්ධි නිලධාරීන්ද සේවයේ යොදවා ඇති බව පොලීසිය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *