free web stats

ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ පුද්ගලයාට දුන් දඬුවම

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ චෝදනාවට අත්අඩංගුවට පත්වූ රයන් රූත් නමැති 59 හැවිරිදි පුද්ගලයාට එරට අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ ගොල්ෆ් පිටියේදී එවකට ජනාධිපති අපේක්ෂකයකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට ඔහු උත්සාහ ගෙන තිබූ අතර, පඳුරක් අතරින් රයිෆලයක් එල්ල කළ සැකකරුට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂකයකු විසින් වෙඩි තැබූ බව වාර්තා වෙනවා.

එම ස්ථානයෙන් පලා ගිය සැකකරු පසුව අත්අඩංගුවට පත්වී තිබුණා.

රයන් රූත්ට දඬුවම් නියම කළ විනිසුරුවරිය අයිලීන් කැනන් ප්‍රකාශ කර ඇත්තේ ඔහු විසින් සිදුකිරීමට උත්සාහ කළ අපරාධයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කිරීම ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කිරීමෙන් පසු රූත් පෑනකින් ගෙල පෙදෙසට ඇන ගැනීමට උත්සාහ කළ බවත්, ආරක්ෂක නිලධාරින් එය වැළැක්වීමට සමත්වූ බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *