අඩාල වූ විදෙස් ගමන් බලපත්‍ර සේවාව යථා තත්ත්වයට – Update
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීම යාවත්කාලීන කර මේවන විට යථා තත්ත්වයට පත් කර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (12) අඩාල වූ අතර යළිත් ගමන් බලපත් නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසූවා.
එසේම විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා යම් අයෙකුට දැඩි අවශ්‍යතාවක් නොමැති නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාල වෙත අද (13) නොපැමිණ ලබන සඳුදා (16) පැමිණෙන ලෙස දැනුම් දෙනවා.
මේ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ බිඳවැටීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා,
“ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළ සිදුව හදිසි තාක්ෂණික දෝෂයක් නිසා අපිට එක්දින සහ සාමන්‍ය ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. මෙම තත්ත්වය මේ අවස්ථාව වනවිටත් කාර්යාලයේ නිලධාරී මණ්ඩලය මෙන්ම අවශ්‍ය තාක්ෂණික කමිටුවක් විසින් මේක යථාවත් කිරීමට කටයුතු කරනවා. මේක යථාවත් බවට පත්කළ හොත් අපිට පුළුවන් ඒ මොහොතේ පටන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා වීසා නිකුත් කිරීමේ කටයුතු ආරම්භ කරන්න. අපට ඉතා හදිසි නොවන අවස්ථාවකදී ගමන් බලපත්‍ර ලබාගැනීමට මහජනතාව පෙළඹෙන්නේ නම් ලබන සතියේ සිට මෙම කාර්යාලයට හෝ අපගේ ශාඛා කාර්යාල වෙත ගමන් කරන ලෙසට මහජනතාව දැන්වත් කරන්නේ.”
“අපගේ 1962 දුරකථන අංකය වෙබ් පිටුවට ඔබගේ අවධානය යොමුකරලා පැමිණීමේ හැකියාව තියෙනවා. අපගේ වෙබ් පිටුව තුළ නිරන්තරයෙන් අපි මේ පිළිබඳව යාවත්කාලීන කරනවා. ඔබට හැකියාව තියෙනවා අපේ දත්ත පද්ධතිය යාවත්කාලීන වුණ වහාම මෙම කාර්යාලයට පැමිණෙන්න. එසේ නොපැමිණෙන්නේ නම් 1962 දුරකථන අංකය මගින් විමසලා මහජනතාවට ඕනෑම අවස්ථාවදී කාර්යාලයට පැමිණෙන්න. එහෙම නොවන අවස්ථාවකදී ලබන සතියේදී ප්‍රධාන කාර්යාලයට හෝ ශාඛා කාර්යාලයකට පැමිණෙන්න. දත්ත පද්ධතියේ තාක්ෂණික දෝෂය සියලුම ශාඛාවලට බලපානවා.”
පාස්පෝට් කන්තෝරුවේ පද්ධති බිඳවැටීමක්
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පද්ධති බිඳවැටීමක් හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඊයේ (12) දින අඩාළ විය.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ ඇතිවූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස බිඳ වැටීමක් සිදුව ඇතැයි එහි මාධ්‍ය ප්‍රකාශක මහේෂ් කරුණාදාස මහතා පැවසූවා.
ඒ හේතුවෙන් විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නවතා ඇති අතර, පද්ධතිය යථා තත්ත්වයට පත්වූ වහාම මෙම සේවා නැවත ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසනවා.
පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසූවා.

