free web stats

මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරනවා

මෙරටට මත්ද්‍රව්‍ය සපයන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමේදී ඇප ලබාදීමකින් තොරව නඩු විභාගය අවසන් වනතෙක් රඳවා ගැනීමට අදාළ නීති සම්පාදනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසනවා.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළකළේ, මාතර පැවති වැඩසටහනකදියි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා,

“ලංකාවට මත්ද්‍රව්‍ය සපයන උදවිය අත්අඩංගුවට ගත්තට පස්සේ ඇප නොදී නඩු විභාගය අවසන් වනතුරු තබා ගත හැකිද යන කරණාය අපි ඉදිරිපිට සාකච්ඡා වෙමින් තියෙනවා. ඒකත් අපි සැලකිල්ලට අරගෙන තියෙනවා. එළැඹෙන 19 වනදා පාර්ලිමේන්තුවට ගෙන එන විෂ අභිං පනතට සංශෝධනයක් අරගෙන එනවා වඩා ප්‍රබල කරන්න. නීති ප්‍රතිසංස්කරණ පැත්තෙන් විශාල ලෙස මේකට මැදිහත් වෙමින් තියෙනවා. අපි දැනටම පනතක් සම්මත කරගෙන තිබෙනවා අපරාධයකින් උත්පාදිත වූ ධනය සොයන්න පොලීසිය ඒකට ක්‍රියාත්මක වෙලා තිබෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *