කර්මාන්ත අමාත්‍යාංශයේ නිල පුවත්පත එළි දක්වයි
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගම එක්ව නිකුත් කරනු ලබන “Rebuild Industries” නිල පුවත්පත හා අන්තර්ජාල e – පුවත්පත එළිදැක්වීම අද 18 දින කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් ලේක් හවුස් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා.
වසර 2030 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 36ක අපනයන ඉලක්කයක් ලඟා කර ගැනීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශය ගෙනයන සුවිශාල වැඩපිළිවෙලේ තවත් එක් පියවරක් ලෙස මෙම “Rebuild Industries” නිල පුවත්පත එළි දක්වනු ලැබුවා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසූවේ,
බස්නාහිර පළාත තුළ කේන්ද්‍රගතව පවතින ව්‍යවසායකත්වය ලංකාවේ අනිකුත් පළාත් වෙතට ගෙනයාමටත් කර්මාන්තකරුවන්ගේ ශක්‍යතාවය ඒකාබද්ධ කිරීමටත් මෙම “Rebuild Industries” නිල පුවත්පත හරහා ඉතා හොඳ අවස්ථාවක් ලැබෙන බවත් කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මේ වන විට ඇතිවී ඇති පරිවර්තනය වෙනස සඳහා ශක්තිමත් පදනමක් සකස් කිරීමට සහ ව්‍යවසායකත්වය ජනගත කිරීමට මේ හරහා ඉතා හොඳ අවස්ථාවක් උදාවී ඇති බවයි.
පුවත්පත එළිදැක්වීම අවස්ථාව සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂ ජනරාල්වරු, ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් හා ලංකා සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ සභාපති ගාමිණී වරුසමාන, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ කතෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර යාපා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ පුවත්පත් කතෘවරු, සීමාසහිත එක්සත් ප්‍රවෘත්තිපත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තු ප්‍රධානී සමන්ත කරුණාසේකර ඇතුළු පිරිසක් සහභාගිව්ය.





