දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි
දුම්රිය ධාවනය අද සාමාන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය රියදුරු වෘත්තීය සමිති පවසනවා.
ඔවුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණේ රියැදුරු පුහුණුවට තරග විභාගයෙන් තෝරාගත් පිරිසට අමතරව යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් ද බඳවා ගැනීමට විරෝධය පළ කරමිනි .
ලොකොමොටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් සංගමය හා ලොකොමොටිව් ඔපීසර්ස් ඇශෝශේෂන් යන වෘත්තීය සමිති එම වර්ජනය ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණා.
කෙසේ වෙතත් ඊයේ රාත්‍රි ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ප්‍රවාහන හා මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ප්‍රකාශ කළේ , යුද හමුදා සාමාජිකයින් 20 දෙනෙකුට දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමට ගත් තීරණය අත්හිටවූ බවයි.
ඒ අනුව වැඩ වර්ජනය අත්හිටවීට වෘත්තිය සමිති තීරණය කළා.

