free web stats

බංග්ලාදේශයේ අග්‍රාමාත්‍යවරයා හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර සාකච්ඡාවක්

බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍ය තාරික් රහ්මාන් මහතා හා ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාව එරට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (17) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා, ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බංග්ලාදේශයේ නව අග්‍රාමාත්‍යවරයාට උණුසුම් සුභාශිංසන පිරිනැමුවා.

එසේම, පසුගිය “දිට්වා” සුළි කුණාටු අවස්ථාවේදී බංග්ලාදේශය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය වෙනුවෙන් ස්තූතිය පළ කළා.

තවද, බංග්ලාදේශ සංචාරකයින් ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ආකර්ෂණය කරගැනීම, සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් සංවර්ධනය කිරීම සහ ඖෂධ නිෂ්පාදන සඳහා ආයෝජන අවස්ථා පුළුල් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව ද දීර්ඝ ලෙස අදහස් හුවමාරු කර තිබෙනවා.

මෙම සාකච්ඡාවට බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධර්මපාල වීරක්කොඩි මහතා ද එක්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *