free web stats

2028 ලෝක කුසලානයට සුදුසුකම් ලැබූ රටවල් 12 මෙන්න

වසර 2028දී ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 12ක් ඍජුවම සුදුසුකම් ලබා තිබෙනවා.

ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම් 20ක් සහභාගි වන හෙයින් අනෙක් අවසාන ස්ථාන අට තීරණය කරනු ලබන්නේ කලාපීය සුදුසුකම් ලබන කණ්ඩායම් අනුවයි.

මේ දිනවල පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි අට වටයට කණ්ඩායම් සුදුසුකම් ලබා අවසන් හෙයින් 2028 විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ පළමු කණ්ඩායම් 12 නම් කිරීමට අයිසීසියට හැකියාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඇෆ්ගනිස්තානය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, සිම්බාබ්වේ ඍජුවම සුදුසුකම් ලබාගත් අතර, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය විස්සයි20 ශ්‍රේණිගත කිරීම අනුව පැමිණ තිබෙනවා.

වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට බලපෑම් කළ හැකි ජාත්‍යන්තර තරග කිසිවක් මේ අතරතුර නොමැති බැවින්, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය සහ අයර්ලන්තය එම ස්ථාන තහවුරු කරගෙන තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *