free web stats

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නායයෑම් අවදානම තවදුරටත්

දිස්ත්‍රික්ක දෙකක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පියවර ගෙන තිබෙනවා.

එම ආයතනය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද (21) පෙරවරු 08.00 සිට හෙට (22) පෙරවරු 08.00 දක්වා ක්‍රියාත්මක බවයි.

ඒ අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස දෙක සඳහා අවධානයෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.

මීට අමතරව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට, හඟුරක්කෙත, බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල සහ කන්දෙකැටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙසත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය දන්වා තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *