free web stats

විදුලි ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව සදහා මහජන අදහස් විමසීමට සූදානම්

2026 වසරේ දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයට අදාළව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කළ යෝජනාවලිය පිළිබඳව මහජන අදහස් විමසීමේ කටයුතු පෙබරවාරි මස 25වනදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසනවා.

පෙබරවාරි මස 25වනදා සිට මාර්තු මස 18වනදා දක්වා වාචිකව මෙන්ම ලිඛිතව ද මහජන අදහස් ලබා ගැනීමේ කටයුතු සිදු කරන බව එම කොමිසන් සභාව සඳහන් කර සිට්නවා.

පළාත් 09ම ආවරණය වන පරිදි එම කටයුතු සිදු කිරීමට නියමිත අතර ඉන් පසුව සෙසු කරුණු ද සලකා බලා විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව කොමිසන් සභාව විසින් තීරණය කිරීමට නියමිතයි.

2026 වසරේ දෙවන කාර්තුව සඳහා එනම් අප්‍රේල් මස පළමුවන දින සිට ජුනි මස 31 වන දින දක්වා වන කාලසීමාව සඳහා සියයට 13.56ක විදුලි ගාස්තු ඉහළ නැංවීමක් අපේක්ෂා කරමින් පසුගිය 13 වැනිදා ලංකා විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගීතා කොමිසන් සභාව වෙත සිය යෝජනාවලිය ඉදිරිපත් කර තිබුණා.

2026 වසරේ පළමු කාර්තුවට අදාළව ලංකා විදුලි මණ්ඩලය විසින් සියයට 11.57ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කළ ද ඊට උපයෝගීතා කොමිසමේ අනුමැතිය හිමිව නොමැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *