free web stats

අමෙරිකාවට ඩොලර් මිලියන10ක් වට්න ඔත්තුව

ඉරානයේ නව උත්තරීතර නායක මොජ්ටාබා කමේනි සහ එරට ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ඉහළ පෙළේ නායකයින් ගැන තොරතුරු සපයන්නෙකුට අමෙරිකානු ඩොලර් මිලියන 10 දක්වා වූ මුල්‍ය ත්‍යාගයක් ලබාදීමට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එමෙන්ම අමෙරිකාව හා ඊශ්‍රායලය ඒකාබද්ධව ඉරානයට එරෙහිව සිදුකරන යුද්ධය වෙනුවෙන් මැදපෙරදිගට අමතර භට පිරිස්, මැරීන් භටයින් සහ නාවික නෞකා යෙදවීමටත් අමෙරිකාවෙන් තීරණයක් ගෙන තිබෙනවා.

මේ අතර විදෙස් වාර්තා පවසන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය අසල කාර්ග් දූපතේ හමුදා ස්ථාන කිහිපයකටම අමෙරිකාව විසින් බෝම්බ හෙළා ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *