free web stats

ගිරාඳුරුකෝට්ටේ අනතුරකින් යුවලක් මියයයි

ගිරාඳුරුකෝට්ටේ 03 කණුව ප්‍රදේශයේදී කැබ් රථයක් හා ට්‍රැක්ටර් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුවලක් මියගොස් තවත් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ, මහියංගනය ප්‍රදේශයේ පදිංචි 57, 44 යන වයස්වල පසුවන යුවලක් අනතුරින් මියගොස් ඇති බවයි.

කැබ් රථයේ පුද්ගලයින් 13 දෙනෙකු ගමන් ගෙන තිබෙන අතර පොලීසිය පැවසුවේ, අනතුරින් තුවාල ලැබූ කැබ් රථයේ ගමන් ගත් 7 දෙනෙකු හා ට්‍රැක්ටර් රථයේ රියදුරු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුලත් කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *