free web stats

මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක්

වෙසක් පොහොය නිමිත්තෙන් මැයි 31 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, මීට පෙර මැයි 2 වැනිදා ලබාදුන් රජයේ නිවාඩුව අවලංගු කරමිනි.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ අත්සනින් අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ, මැයි 27 වැනිදා සිට ජුනි 2 වැනිදා දක්වා වෙසක් සතිය ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *