free web stats

මාලදිවයින් ජනපති අද දිවයිනට

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා රාජ්‍ය සංචාරයක් සඳහා අද (03) මෙරටට පැමිණීමට නියමිතව තිබෙ­නවා.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා ශ්‍රී ලංකාවේ සිදු කරන පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත දිවයිනට පැමිණෙන මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටීමට නියමිතයි.

සිය සංචාරයේදී ඔහු දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශ සඳහන් කර සිට්නවා.

එමෙන්ම දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 06කට ද අත්සන් තැබීම ද මාලදිවයින් ජනාධිපතිවරයාගේ මෙරට සංචාරයේදී සිදු කිරීමට නියමිතයි.

මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතාගේ මෙරට රාජ්‍ය සංචාරය හේතුවෙන් අද (03) සිට ලබන 06 වැනිදා දක්වා කොළඹ නගරයට ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *