free web stats

මාලදිවයින් ජනපති දිවයිනෙන් පිටව යයි

තෙදින නිල සංචාරය සාර්ථකව අවසන් කළ මාලදිවයින් ජනාධිපති මොහොමඩ් මුයිසු මහතා දිවයිනෙන් පිටව ගොස් තිබෙනවා.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මොහොමඩ් මුයිසු මහතා මෙරට සිදුකළ පළමු සංචාරය මෙය වීම විශේෂත්වයකි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයක් මත මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සංචාරය සඳහා පැමිණ තිබුණා.

මෙම සංචාරයේදී දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශවික සාකච්ඡා පැවැත් වුණා.

මෙහිදී දෙරට අතර සහයෝගීතාව වර්ධනය කරමින් අවබෝධතා ගිවිසුම් 07කට ද අත්සන් තැබීම ද සිදුකළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *