free web stats

එන්න කියන ඕනෑ වෙලා­වක අපි යනවා

නිර්දෝ­ෂි­භා­වය ඔප්පු කිරී­මට පුළු­වන් හොඳම ක්‍රමය, පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට සහ­යෝ­ගය ලබා­දීම බව ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ ජාතික සංවි­ධා­යක, පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහතා පවසනවා.

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණ පක්ෂ මූල­ස්ථා­න­යේදී පැවති සාක­ච්ඡා­ව­කින් අන­තු­රුව මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් මන්ත්‍රී­ව­රයා මේ බව පැවසූවා.

නාමල් රාජ­පක්ෂ මහතා වැඩි­දු­ර­ටත් මෙසේද පැව­සූවා.

“එන්න කියන ඕනෑ වෙලා­වක අපි යනවා. ආණ්ඩුවේ අයත් දැන­ගන්න ඕනෑ බල­පෑම් කරලා, බය කරලා මේ ගමන යන්න බැහැ කියලා. ඉතින් පැහැ­දි­ලි­වම මේකට පරී­ක්ෂ­ණ­යක් වෙන්න ඕනෑ. ඒ නිසා අපි හිත­නවා අපේ නිර්දෝ­ෂිභා­වය ඔප්පු කරන්න පුළු­වන් හොඳම ක්‍රමය තමයි පරී­ක්ෂණ කට­යු­තු­ව­ලට සහ­යෝ­ගය දෙන එක. හැබැයි අනිත් පැත්තෙන් ඒ පරී­ක්ෂණ කට­යුතුවලට බල­පෑම් කරලා බල­හ­ත්කා­ර­යෙන් කට­උ­ත්තර ලියා­ගන්න න්‍යාය­ප­ත්‍රය ක්‍රියා­ත්මක වෙනවා නම් සාධා­ර­ණ­යක් වෙන්නෙ නෑ. අව­සා­නයේ ඒකෙ පාඩු­වත් ගෙවන්න වෙන්නේ මේ රටේ ජන­තා­වට. මොකද ජන­තාව රව­ට්ටන්න තමයි එහෙම කරන්නේ.

අපි එන්න ඕනෑ කියන ඕනෑම වෙලා­වක යන­වනේ. ඒ හින්දා ඒක ගැන ප්‍රශ්න­යක් නෑ. මඟ­හ­රින්න හේතු­වක් නෑනේ. හැබැයි දැනට ඉන්න ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මඟ­හැ­රලා මාරු වෙන්න උත්සාහ කර­නවා. හැබැයි ඉතින් එහෙම ලිස්සල ගිහිල්ලා හරි­යන්නෙ නැහැ. මහින්ද රාජ­පක්ෂ මහ­ත්මයා කියන්නේ ප්‍රශ්න­ව­ලින් පැනලා යන කෙනෙක් නෙවෙයි, එන්න කිවුවා ගියා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *