free web stats

දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් සංවිධානය කරනු ලබන සියලුම දේශීය ක්‍රිකට් තරගාවලි දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඒ අනුව අන්තර් ක්‍රීඩා සමාජ එක්දින ක්‍රිකට් තරගාවලිය, ‘බී‘ කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සහ ආණ්ඩුකාර කුසලාන තරගාවලිය ද දින නියමයක් නොමැතිව කල්දමා තිබෙනවා.

වැසි සහිත කාලගුණ තත්ත්වය පහවයෑමෙන් පසුව සංශෝධිත තරග කාලසටහන් නිවේදනය කරන බව ක්‍රිකට් ආයතනය පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *