free web stats

අමෙරිකා ව්‍යවසායකයින් ගේ කැමැත්ත

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග චීනයේ සංචාරයක නිරත එරට ව්‍යවසායකයෝ චීන ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් අපේක්ෂා පළ කර තිබෙ­නවා.

Nvidia සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Jensen Huang පැවසුවේ චීනය ලෝකයේ වඩාත්ම කැපී පෙනෙන ආර්ථිකයන්ගෙන් එකක් වන බවයි.

දැවැන්ත නවෝත්පාදනයන් සාක්ෂාත් කර ඇති අතර චීනය කෘතිම බුද්ධි ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ රටවලින් එකක් බවට පත්ව ඇතැයි ඔහු පවසා තිබෙ­නවා.
චීනය විශිෂ්ට කාර්යයක් ඉටු කරන බව Jensen Huang සඳහන් කළා.

චීන වෙළඳපොළ ඉතා ශක්තිමත් බව Apple Inc. සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Tim Cook අදහස් දැක්වීය.

කෘතිම බුද්ධිය සහ නව තාක්ෂණයන් සඳහා චීන ජනතාවට ඇති අතිමහත් උද්යෝගයක් පිළිබඳව තමා සතුටු වන බව ඔහු පැවසූවා.

නවතම පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වීමත් සමග චීනය වඩා විශාල ප්‍රගතියක් අත්කර ගනිමින් ඉහළ මට්ටමේ ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කරනු ඇතැයි Goldman Sachs සමාගමේ සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී David Solomon අපේක්ෂා පළ කර තිබෙ­නවා.

මෙවර සංචාරයේ නිරත වන අමෙරිකානු ව්‍යවසායකයෝ චීන වෙළඳපොළට තබන ඉහළ ප්‍රමුඛතාවය අවධාරණය කළ අතර චීනය සමග සහයෝගිතාව ශක්තිමත් කිරීමට ද ඔවුහු කැමැත්ත ප්‍රකාශ කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *