free web stats

විමල් වීරවංශට ඇප – Update

තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සහ තවත් සැකකරුවෙකු ඇප මත මුදාහැර ති‍බෙනවා.

එක් අයෙකුට රු. ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැරීමට කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා අද (25) උදෑසන ප්‍රකාශයක් ලබාදීම සඳහා තලංගම පොලිසියට පැමිණියා.

ඒ, මැයි 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අබියස රාජ්‍ය නිලධාරීන් සමඟ ඇතිවූ නොසන්සුන් තත්ත්වයට අදාළවයි.

ප්‍රකාශය ලබාදීමෙන් පසුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

විමල් වීරවංශ අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල පසුගියදා ඇති වූ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු අද (25) තලංගම පොලිසියට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *