free web stats

ගම්පහට සහ මහරට අද ජල කප්පාදුවක්

ගම්පහ සහ මහර ප්‍රාදේශීය සභා බලප්‍රදේශවලට අද (27) පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ, අද සවස 7සිට හෙට (28) පෙරවරු 7 දක්වා කාලය තුළ ජල සැපයුම කප්පාදු කරන බවයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු හා සම්බන්ධ ජල නළ විතැන්කිරීමේ අත්‍යාවශ්‍ය නඩත්තු තටයුත්තක් හේතුවෙන් මෙම ජල අත්හිටුවීම සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *