free web stats

මීගොඩ දන්සලක් අසල සිදු වූ අනතුරින් 06 ක් මරුට

මීගොඩ ප්‍රදේශයේ දන්සලක් අසල සිදු වූ අනතුරකින් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයින් 06 දෙනෙකු ප්‍රථිකාර සඳහා හෝමාගම රෝහලට ඇතුලත් කර ඇත.

හෝමාගම මීගොඩ ප්‍රදේශයේ මාර්ගයක ධාවනය වූ ⁣කැබ් රථයක් එම ප්‍රදේශයේ පිහිටි දන්සලක පෝලිමේ සිටි පිරිසක් යට කරගෙන පලා ගොස් ඇත.

මෙහිදී පුද්ගලයන් 12 ක් තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථීකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇත.

එහිදී පුද්ගලයන් 06කු ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසූවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *