free web stats

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානාධිපති අත්අඩංගුවට

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මැණික් ගලක් සොරාගැනීමක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් විමර්ශනයේදී, නීතිවිරෝධී අන්දමින් ක්‍රියා කරමින් සාක්ෂිකරුවන් හා සැකකරුවන්ට අයත් මුදල් බලෙන් ලබාගෙන විමර්ශන කටයුතු සඳහා ඉදිරිපත් නොකිරීමේ චෝදනාවකට අදාළව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

අසාධාරණයට පත් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇහැලියගොඩ ‍පොලිසියේ ස්ථානාධිපතිවරයා සහ පොලිස් පරීක්ෂකවරයකුට විරුද්ධව ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත කරන ලද පැමිණිල්ලකට අනුව ලද නියෝග මත මෙම අත්අඩංගුවට ගැනිම සිදුකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *