ඉරාන – අමෙරිකා සාම ගිවිසුම අත්සන් කිරීමට දින නියම වෙයි
ඓතිහාසික ඉරාන – අමෙරිකා සාම ගිවිසුම ලබන සිකුරාදා , එනම් ජුනි 19 වැනිදා ස්විස්ටර්ලන්තයේ ජිනීවාහිදී අත්සන් තැබීමට නියමිත බව ඉරාන නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා පවසා තිබෙනවා.
ඔහු එම ගිවිසුම හඳුන්වා ඇත්තේ ඉස්ලාමාබාද් එකඟතාව ලෙසයි.
සිකුරාදා ගිවිසුම අත්සන් කෙරෙන බව ජනාධිපති ට්‍රම්ප් ද පවසා තිබෙනවා.
ඔහු සඳහන් කරන්නේ ඒ සමග හෝමූස් සමුද්‍ර සන්ධිය සාගර බෝම්බ ඉවත් කිරීම සඳහා වහාම විවෘත වන බවයි.
ඉරානය සහ අමෙරිකාවත් ඊශ්‍රායලයත් මෑත කාලීන යුද්ධයක පැටලුණේ මේ වසරේ පෙබරවාරි 28වැනිදා අමෙරිකාව, ඉරානයට එල්ල කළ ප්‍රහාරයත් සමගයි.
එදින ජීවිතක්ෂයට පත්වූ ඉරාන උත්තරීතර නායකයාගේ අවසන් කටයුතු වෙනුවෙන් අවමංගල්‍ය උත්සවය ජූලි 4වනදා ආරම්භ වන අතර ජූලි 9 වැනිදා භූමදානය සිදු කෙරෙනු ඇත.
කෙසේවෙතත් ඉරාන – අමෙරිකා සාම ගිවිසුම අත්සන් තැබීමට නියමිතව ඇත්තේ යුද්ධය ඇරඹුණු පෙබරවාරි 28දාට දින 111කට පසුවයි.

