free web stats

ගිවිසුම කැඩුවොත් යළි යුද ක්‍රියාමාර්ග

අවබෝධතා ගිවිසුමට අනුකූලව කටයුතු කිරිමට ඉරානය අසමත් වන්නේ නම් ඉරාන වරායන් නැවත අවහිර කිරිමට සහ හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අමෙරිකාව සූදානමින් සිටින බව ආරක්ෂක ලේකම් පීට් හෙග්සේත් ප්‍රකාශ කර තිබෙනවා.

දෙරට අතර ගිවිසුමට අත්සන් තැබීමෙන් පසු එම නාවික අවහිරතාව ඉවත් කළද, ඕනෑම අවස්ථාවක නැවත එය ක්‍රියාත්මක කිරිමට අමෙරිකාවට හැකියාව ඇතැයි ද ඔහු සඳහන් කළ බව වාර්තා වේ.

න්‍යෂ්ටික අවියක් නිපදවීමේ අදහස ඉවත් කරගැනීම ඉරානයට පනවා ඇති අනිවාර්ය කොන්දේසියක් බවත්, ඉරාන රජය ඊට එකඟ නොවන්නේ නම් නැවත හමුදා ක්‍රියාමාර්ග ගැනිමට අමෙරිකාවට සිදුවනු ඇති බවත් ආරක්ෂක ලේකම් හෙග්සේත් අනතුරු අඟවා තිබේ.

ඉරානයට එරෙහිව නැවත හමුදා ක්‍රියාමාර්ග ගැනීම රඳා පවතින්නේ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය නොකරන බවට ඉරානය සහතික වීමේ එකඟතාව මත බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.

ගිවිසුමේ කොන්දේසියක් ලෙස සම්පූර්ණයෙන් විවෘත කිරීමට නියමිත හෝමූස් සමුද්‍ර සන්ධියේ කටයුතු අධීක්ෂණය කිරිමට සහ ඉරානයට සහය වීමට යුරෝපා රටවල් කිහිපයක් ද කැමැත්ත පළ කර ඇති අතර, ඒ සඳහා ඉදිරිපත් වන ලෙස අමෙරිකාවේ ආරක්ෂක ලේකම්වරයා යුරෝපා රටවලින් ඉල්ලීමක් ද කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *